කවි කොල
ඇත්ත වශයෙන්ම මෙම කවි කොල යනු කුමක් දැයි වර්තමාන පරපුරේ සෑහෙන පිරිසක් නොදන්න බව නොඅනුමානය.
අතීතයේ අවමංගල උත්සවයයන් වලදී ශෝක ප්‍රකාශ කවි තරුණියන් විසින් ගායනා කරනු ලබයි.එය කවි කොල ලෙස හඳුන්වනු ලබයි.
බොහෝදෙනා ගායනා කරන මෙම කවි භූමිදානය හෝ ආදාහනය කරන්න්නට ඔන්න මෙන්න තිබියදී කදුලු සලමින් ඉදිරිපත් කරයි.
ඒ කලයේ මෙම කවි පංතීන් සමහර විට එම අවමඟුල වෙනුවෙන්ම අලුතින් සාදන ලද ඒවා වේ. තවත් සමහරක් එදා
" අච්චු කන්තෝරු " නම් ප්‍රසිද්ධ මුද්‍රණාල වල තිබුන ඒවා විය. එහිදි තමන්ගේ අවමඟුලට ගැලපෙන ලෙස පද වෙනස්කර ගැනීමට ඔවුන්ට හැකි විය.
සමහරක් ශෝක ප්‍රකාශක එක ගමක් නියෝජනය වන පරිදි ගමේ කිහිපදෙනෙක් මුදල් යොදවා මුද්‍රණය කරවන්නට විය.
මෙම කවි කොල උසස් සාහිත්‍ය නිර්මාණ ලෙස සැලකිය නොහැකි අතර කාෙව්යාක්ත්යට අනුචිත නොවන පද ඇතුලත් වූ සිවු පද කිහිපයක එකතුවක් පමණි.
කෙසේ වෙතත් කවි කොල අද වන විට අප ජනශ්රැතියෙන් අභාවයට පත්ව යන්නාවු අංගයක් ලෙස හැඳින්විය හැක.
No comments:
Post a Comment