Saturday, November 11, 2017

කළගුණ නොදත් කොටියා

ක්තරා ගමරාල කෙනෙක් කැලේ මැදින් ගමනක් යන විට උගුලකට හසුවී සිටි කොටියකු දුටුවේ . කොටියා ගේ ඉතා බැගෑපත් ඉල්ලීම නිසා කම්පාවට පත් ගමරාල, උගුලෙන් ගලවා ගත්තේ . සමඟ , ඉතා බඩගින්නේ සිටි කොටියා ගමරාල මරාගෙන කෑමට සූදානම් වූයේ . ගමරාල කොතෙක් කරුණු කියා අභය ඉල්ලුවත්, කොටියා එය ගණනකටවත්නොගත්තේය. මේ කරන දෙය සාධාරණ දැ යි, තවත් කෙනකු ගෙන් අසා, උපදෙස් අනුව කටයුතු කිරීමට අවසානයේ දෙදෙන එකඟත්වයකට පැමිණිය . අනුව ඉදිරියට ගමන් කළ කොටියාට සහ ගමරාලට හමුවූයේ නරියෙකි. ගමරාල නරියාට තම නඩුව කීවේ . මහත් උවමනාවෙන් නඩුව අසා සිටි නරියා මෙසේ කීවේ . 
මට මේ සිද්ධිය හරි හැටි පැහැදිලි නෑ. අපි යමු, මේක සිද්ධවෙච්චි තැනට. එය පිළිගත් තිදෙන උගුල වූ තැනට ගිය . උගුලට හසු වී සිටි ආකාරය තේරුම් ගැනීමට, නරියා ගේ උපදෙස් පිට කොටියා යළි උගුලටපැන්නේය. අතපය සෙලවීමටවත් නො හැකි ලෙස කොටියා උගුලේ සිර විය. ගමරාල දෙසට හැරුණු නරියා කියා සිටියේ මෝඩ ගමරාල, කළගුණ නොදන්න අසත්පුරුෂයන්ට උදව් කරන්න යන්න එපා. කෙළෙහි ගුණ නොදන්න අයට උදව් කරන්න ගියාම, තමන්ම අමාරුවෙ වැටෙනවා. දැන් ඉතිං පරාණේ බේරගෙන තමුන් යන්න ගමනක් යනවා.



No comments:

Post a Comment