බසක මහිම
ශ්රි ලංකාවේ සිංහල බස් වහර පිලිබඳ කතා කිරිමේදි අපට පෙනී යන්නේ ප්රදේශයට පමණක් නොව, පුද්ගලයාගෙන් පුද්ගලයාට. කාලයෙන් කාලයට, වෘත්තීයෙන් වෘත්තියටද, වෙනස් විය හැකිය. ශ්රී ලංකාවේ ප්රාදේශිය වහර
- ඌව ජනවහර
- දිගාමඩුලු ජනවහර
- පානම ජනවහර
- උඩරට ජනවහර
- සතර කෝරලයේ ජනවහර
- සබරගමුව ජනවහර
- සත්කෝරලේ ජනවහර
- වන්නියේ ජනවහර
- නුවර කලාවියේ ජනවහර
- රුහුණු ජනවහර
- බස්නාහිර ජනවහර
වෘත්තීය වහර
- ධීවර බස
- ගැමි වහර
- ශාන්තීකර්ම බස
- රොඩි ජනවහර
- වැදි ජනවහර
- කමත් බස
ඌව ජනවහර
- බසමන්ද කරුවල - ඉර බැසගෙන ගොස් ටික වේලාවයි
- ගොංමං වේලාව - ඉර බසින වේලාව
- කිතයියා - හඳ
- පාන් කලුව - අඳුර නැතිකරගෙන ආලෝකය ඇතිවීම
- වෛතාලෙ - උදෑසනින්
- කනිසම - වේලාව
- ඇටබගවුව - ඉර මුදුන් වන වේලාව
- ගජරා/අල්ලිස් අප්පු - අලියා
- බණ්ඩාර හඳ - කිරි බැබළෙන හඳ
- හෙවන් බෑම - හිරු රැස් ආවරණය
- අප්පා - පියා
- මෝ/මෝචි -මව
- කිරි අම්මා - මවගේ මව
- කිරි අප්පා - මවගේ පියා
- කෙලා - කෙල්ලන්
- මාමණ්ඩි - මාමා
- කියත් - කියනවාද
- මුත්තා - පියාගේ පියා
- නීන් අම්මා - කුඩම්මා
- හුරා - මස්සිනා
පානම ජනවහර
- කඩගැනීම - අතරමං වීම
- පිංමාරි - යල කන්නය
- ඒලයියා - හිරු
- තෙයියා -කුරුල්ලා
- විසපතලයා - මෝඩයා
- හිංගලයා - මෝඩ ගැමියා
- සංගදෝරුව - පලහිලවුව
- හුන්දෑම - සුසුම්ලෑම
- උහන්දිරම - ගංවතුර
- මුම්මාරි - මහකන්නය
උඩරට ජනවහර
- දරාල - ආරම්භය
- කලෙන්චි වීයාම - නැතිවී යාම
- හැල - කුඹුරේ එරෙන තැන
- තොංගල - කෙළවර
- කෙම්පහන් - ගොවිතැන් කිරිමේදි කෘමීන් මර්ධනය කරන ක්රම
- බෝමුර ඇදීම - කමත ශුද්ධ කිරීම
- අප්පල්ලෙ - කෑම උයන හට්ටි
- කුඩප්පා - පියාගේ බාල සහෝදරවරු
- ලොකු අප්පා - පියාගේ වැඩිමහල් සහෝදරවරු
- මිනිය කැලේ ගැහීම - භූමි දානය
No comments:
Post a Comment