අන්දරේගේ කවීත්වය
මහලු භේදයකින් තොරව අප කවුරුත් අන්දරේගේ චරිතයට ආදරය කරනවා. රජවාසලේ කවටයා වූ ඔහු අප කාගෙත් කවට කමින් සතුටු කල බව විශේෂයෙන් කිව යුතු නැත. විටක ගොනෙකු සේ හැසිරෙමින්, තවත් විටෙක බුද්ධිමත් ලෙසත්, කටයුතු කල මොහු කවියෙකු ද වේ.
දවසක් අන්දරේ සිය බිරිඳ සමඟ සතුටින් කතාබහ කරමින් සිටිනා විට බිරිඳවිසින් තමන්ගේ රුව ගැන කවියක් කියනා ලෙස ඉල්ලීමක් කරන ලදී. ඒ අනුව විහිලුවක් කිරිමට සිතා අන්දරේ මෙසේ වර්ණනා කළා.
හිස දෙස බැලිමි පොල් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරනා
තන දෙස බැලිමි වැටකොලු වැන්න එල්ලෙනා
ලිය දෙස බැලිමි වැදිරිය වැන්න දලු කනා
එය ඇසු ඔහුගේ බිරිඳ වේදනාවට පත්ව හඬන්නට විය. එයට දුක සිතුන අන්දරේ " නැහැ සොදුර මා එය කීවේ කවට කමටය. නුඹ ගැන නියම කවිය දැන් කියන්නම් " යැයි පවසා මේ කවිය කියන්නට විය.
හිස දෙස බැලිමි කෙදි වැන්න පීරනා
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා
තන දෙස බැලිමි රන් කුඹු වැන්න ලෙළ දෙනා
ලිය දෙස බැලිමි සුරිය වැන්න පායනා

No comments:
Post a Comment